Wednesday, February 16, 2011

සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. Sinhala Dharma Deshana........

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස හට උන්වහන්සේලාගේ හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේ නවම් පුනු පොහොය දිනකයි.


*ඛන්තී පරමං තපො නිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො




ඉවසීම උතුම් වූ තපස් ගුණයෙකි. බුදුවරු නිවන උසස් කොට කියත්. අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන් පෙළන්නා ශ්‍රමණයකු නොවේ.


*සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානු සාසනං




සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.


*අනුපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ම සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තංච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධනසාසනං



අනුන්ට හෙළා තළා කතා නොකළ යුතු ය. අනුන්ට හිංසා නොකළ යුතු ය. ප්‍රාතිමෝක්‍ෂ සංවරෙයෙහි පිහිටිය යුතුය.


ආහාරයෙන් පමණ දත යුතු ය. විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය. සමවත් වැඩිය යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

No comments:

Post a Comment