Wednesday, February 16, 2011

2600 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල කුමන්ත‍්‍රණකාරී ලෙස වෙනස් කිරීම


සම්බුද්ධ ජයන්තියේ ආශ්වාදය සහ බෞද්ධ ජීවන පැවැත්මට අදාල සමාජ බලපෑම අන්‍යාගමික මහජනතාව අතරටද ගෙනයාම ඉතා හොඳ දෙයක් වුවද 2600 වන සම්බුද්ධ ජයන්තිය සඳහා අන්‍යාගමික කමිටු ඉතා පටු ආගමික භේද ඇතිවන ආකාරයෙන් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැති බව දන්වමින් දේශහිතෛෂී ජාතික වෘපාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙත්සමක් යොමු කොට ඇත. 
Add caption
2008 වර්ෂයේදී නිකුත් කල විසි වැදෑරුම් ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ බරපතල වෙනස්කම් සහිතව නැවත ඉදිරිපත් කොට ඇති .එම නව වැඩපිළිවෙල අනුව දිස්ත‍්‍රික් මට්ටමින් හින්දු, මුස්ලිම් සහ කතෝලික/කි‍්‍රස්තියානි වශයෙන් වෙන් වෙන්ව අන්‍ය ආගමික කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත

2600 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල කුමන්ත‍්‍රණකාරී ලෙස වෙනස් කිරීම
ඔබතුමන් මෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාගේ පණිවිඩ සහිතව 2008 වර්ෂයේදී නිකුත් කල විසි වැදෑරුම් ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ බරපතල වෙනස්කම් සහිතව නැවත ඉදිරිපත් කොට ඇති බව මේ වන විටත් ඔබතුමන්ට වාර්තා වී ඇතියි අපි සිතමු. එම නව වැඩපිළිවෙල අනුව දිස්ත‍්‍රික් මට්ටමින් හින්දු, මුස්ලිම් සහ කතෝලික/කි‍්‍රස්තියානි වශයෙන් වෙන් වෙන්ව අන්‍ය ආගමික කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත. පෙර තිබූ ආකාරයට ශ‍්‍රී සම්බුද්ධ ජයන්තිය සඳහා බෞද්ධ කමිටු පිහිටුවන්නේ ප‍්‍රදේශීය මට්ටමින් පමණි.
දිස්ත‍්‍රික් ලේකම් තුමාගේ නායකත්වයෙන් පිහිටුවන මෙම අන්‍යාගමික බලසම්පන්න කමිටුවලට පළාත්සභා වල සියලූ උසස් නිළධාරීන් මෙන්ම ආගමික පදනමින් ජාතික සහ පළාත් මට්ටමේ මහජන නියෝජිතයන්ද සහභාගී වේ. ප‍්‍රාදේශීය ලේකම් මට්ටමින් පිහිටුවන කුඩා ප‍්‍රාදේශීය සම්බුද්ධ ජයන්ති කමිටුවට සහභාගී වන්නේ ගම් මට්ටමේ නිළධාරීන් පමණි. එම තත්වය තුල දිස්ත‍්‍රික් අන්‍යාගමික කමිටු සමාජ සම්බන්ධකම් වලින් මෙන්ම මූල්‍යමය සහ පරිපාලනමය වශයෙන්ද බොහෝ බලසම්පන්න ලෙස කටයුතු කරනු ඇත.
පළමුවෙන්ම සම්බුද්ධ ජයන්තිය සඳහා එවැනි අන්‍යාගමික කමිටු ඉතා පටු ආගමික භේද ඇතිවන ආකාරයෙන් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැත. සම්බුද්ධ ජයන්තියේ ආශ්වාදය සහ බෞද්ධ ජීවන පැවැත්මට අදාල සමාජ බලපෑම අන්‍යාගමික මහජනතාව අතරටද ගෙනයාම ඉතා හොඳ දෙයකි. ඒ පිළිබඳව අපට ගැටළුවක් නැත. ඒ සඳහා හොඳම ක‍්‍රමය සම්බුද්ධ ජයන්ති කමිටුවට අන්‍ය ආගමික ජනතාව සහභාගී කර ගැනීමයි.
ඔබතුමා මෙන්ම මේ රටේ අතිමහත් බහුතර ජනතාව ඉරා පොඩිකර පාගා කෙලගසා කුණු බක්කියට දැමූ බටහිර න්‍යාය පත‍්‍රය නැවත ගෙන ඒමට ඉඩ නොදිය යුතු බව අපගේ පිළිගැනීමයි. නමුත් දැන් සැලසුම් කොට ඇති දේ ක‍්‍රියාත්මක වුවහොත් එක් පැත්තකින් පටු ආගම්වාදී බේද සහ ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. අනෙක් පැත්තෙන් බි‍්‍රතාන්‍ය, අයර්ලන්තය වැනි රටවල පවා ප‍්‍රතික්‍ෂේප කොට ඇති බහු ආගමික, බහු සංස්කෘතික ‘‘එන්.ජී. ඕ. මෙහෙයුමට’’ ජාතිය නැවත වටයකින් ගොදුරු වනු ඇත.
අතිගරු ජනාධිපතිතුමනි,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඇතුල් කොට ඇත්තේ බෞද්ධ ආගමට විශේෂයෙන් සැලකීමට වඩා වසර 500කට අධික කාලයක් අසාධාරණයට ලක්වූ ජනකොටසකගේ ජීවන පැවැත්ම තහවුරු කිරීමට බව ලෝකයට පෙන්වා දීමට කාලය පැමිණ ඇතැයි අපි සිතමු. අන්‍ය ආගම් සියල්ල ලෝකයේ විශාල ජනතාවකගේ සමාජ සහ මූල්‍යමය බලය මත වර්ධනය වන නමුත් සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව වසර 500ක යටත් විජිත පාලනයෙන් පසුව නැඟී සිටීමට උත්සාහ කරන ජාතියකි. අභිනවයෙන් පත්වූ කතෝලික සභාවේ කාදිනල් තුමාට මෙම ඓතිහාසික ගැඹුරු සත්‍ය තේරුම් ගැනීමට නොහැකිවීම පිළිබඳව අපි කණගාටු වෙමු.
එම තත්වය තුල සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල වෙනස්කිරීම තුල යම් කුමන්ත‍්‍රණකාරී හෝ රැුවටිලිකාර බලවේගයක් ක‍්‍රියාත්මක වනවාද යන සැකය අප තුල මතුවී ඇත. විශේෂයෙන්ම එවැනි සැකයක් ඇතිවීමට මහා සංඝ රත්නය විසින් පෞද්ගලිකවම අප වෙත ඉදිරිපත් කරන තොරතුරුද හේතු වී ඇත.
විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම් තුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්වරිය අන්‍යාගමිකයන් ලෙස කරන මැදිහත්වීම්ද විවේචනයට ලක් වී ඇත. ඔවුන් අන්‍යාගමිකයන් වීම නිසා එම තනතුරු දැරීමට නුසුදුසු යයි අපි කිසිසේත්ම අදහස් නොකරමු. නමුත් ප‍්‍රශ්ණයක් ඇතිවී ඇති බැවින් ඒ පිළිබඳව සොයාබැලීම සමස්ථ ජාතියේම පොදු යහපතට හේතුවන බව අපගේ පිළිගැනීමයි.
ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රටට හතුරු මහා ජාත්‍යාන්තර බලවේගයන් පරාජය කර නැවත ජාතික සමඟිය ගොඩනැඟීමට දරණ උත්සාහය කඩාකප්පල් කිරීමට කුමන්ත‍්‍රණය කරන පිරිස් පිළිබඳව සොයාබලා වැරැුද්ද නිවැරදි කරන ලෙසයි. (වෙනස් කරන ලද වාර්තාවේ අදාල පිටු මේ සමඟ අමුණා ඇත.*

ඔබතුමාට දීර්ඝායුෂ සහ ජය සතුට පතමි.
ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



No comments:

Post a Comment