Wednesday, February 16, 2011

සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. Sinhala Dharma Deshana........

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස හට උන්වහන්සේලාගේ හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේ නවම් පුනු පොහොය දිනකයි.


*ඛන්තී පරමං තපො නිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො




ඉවසීම උතුම් වූ තපස් ගුණයෙකි. බුදුවරු නිවන උසස් කොට කියත්. අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන් පෙළන්නා ශ්‍රමණයකු නොවේ.


*සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානු සාසනං




සියලු පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතු ය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.


*අනුපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ම සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තංච සයනාසනං
අධිචිත්තේ ච ආයොගො එතං බුද්ධනසාසනං



අනුන්ට හෙළා තළා කතා නොකළ යුතු ය. අනුන්ට හිංසා නොකළ යුතු ය. ප්‍රාතිමෝක්‍ෂ සංවරෙයෙහි පිහිටිය යුතුය.


ආහාරයෙන් පමණ දත යුතු ය. විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය. සමවත් වැඩිය යුතුය. යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

අසිරිමත් නවම් පොහොය


සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය
                 ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු වූයේ එවන් දිනකදීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයා හට ඕවාද ප්‍රාතිමෝක්ෂය, දේශනා කොට වදාළේ ද නවම් පුනු පොහෝ දිනකදීය.
                                                                                                                                          එමෙන්ම තථාගයන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තුන් මසකට පෙර ආයුසංස්කාරය කළේත් නවම් පුනු පොහෝ දිනකදීය.

සම්බුද්ධ ශාසනයෙහි මෙවැනි වූ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නවම් පොහෝ දිනය බොදුනුවන්ට විශේෂිත වූ ශාසනික වශයෙන් වැදගත් වන දිනයකි. මහා කාරුණික තථාගත බුදුපියාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට පිළිවෙළින් දකුණත් සවු සහ වමත් සවුයන ශාසනික තනතුරු පිරිනැමීම අප මනාව දන්නා සදහම් කාරණයකි. ඒ සඳහා උන්වහන්සේ දෙපළ සසර මහත් පාරමී පිරූහ.

                බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවනාරාමය උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූන් දහසක් ද, සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් ප්‍රධාන කොටගත් දෙසිය පනහක් භික්‍ෂූන් වහන්සේ ද යන එක් දහස් දෙසිය පනහක් මහ රහතන් වහන්සේගෙන් සෝභාමත් විය. මේ භික්‍ෂූන් වහන්සේ පිරිස අතරේදී සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් හට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමීම සිදුවිය.

            බුදු සසුනෙහි මුලින් පැවිදි උපසම්පදා ලත් භික්‍ෂූන් වහන්සේ සිටියදී තථාගතයන් වහන්සේ විසින්, මෑත කාලයේ බුදුසසුනෙහි පැවිදි උපසම්පදා ලත් මේ සැරියුත් හා මුගලන් හිමිවරුන්ට අග්‍රශාවක තනතුරු පිරිනමන ලදැයි සමහර භික්‍ෂූන් වහන්සේ අතර කතාබහක් මතුවිය.

                      
නවම් පොහොය දිනය අපට වැදගත් වන අනෙක් විශේෂ කාරණය නම් බුදුන්වහන්සේ ආය සංස්කාරය හළේ නවම් පොහොය දිනකදී වීමයි. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපල චෛත්‍ය වෙත එළඹුණ සේක. එහි වැඩම කර පැනවූ අසුනෙහි වැඩහුන් සේක. එහිදී ආනන්ද හිමියන් අමතා සතර සෘද්ධිපාද වැඩු තැනැත්තහුට කැමැති නම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි බව තෙවරක්ම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන්ට මාරාවේශය වී සිටිය හෙයින් සිහි එළවා ගත නොහී ආයුකල්පයක් වැඩ සිටිනා මෙන් බුදු හිමියනට ආරධනා කරන්නට අමතක විය.

ඉන් පසු නොබෝ වේලාවකින් වසවත් මරුන් බුදුරජාණන් වහන්සේ වෙත ළඟා වී නුඹ වහන්සේට පරිනිර්වාණයට කාලය මෙය යැයි දන්වා සිටීය. බුදුරජාණන් වහන්සේ වසවත්මරුන් අමතා ප්‍රකාශ කළේ එතැන් පටන් තුන් මසක් ගත වූ තැනදී පිරිනිවන් පානා බවයි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ සේක. බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය හළ එ කෙණෙහිම මහ පොළොව කම්පා විය. අහසෙහිද ගිගුරුම් ඇති වන්නට විය.
මෙවැනි කරුණු කාරණා හේතුවෙන් නවම් පොහොය බෞද්ධයනට සුවිශේෂ වැදගත්කමක් ගෙනදෙයි.
***බුදුසරන පුවත් පත් අසුරිනි***




2600 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල කුමන්ත‍්‍රණකාරී ලෙස වෙනස් කිරීම


සම්බුද්ධ ජයන්තියේ ආශ්වාදය සහ බෞද්ධ ජීවන පැවැත්මට අදාල සමාජ බලපෑම අන්‍යාගමික මහජනතාව අතරටද ගෙනයාම ඉතා හොඳ දෙයක් වුවද 2600 වන සම්බුද්ධ ජයන්තිය සඳහා අන්‍යාගමික කමිටු ඉතා පටු ආගමික භේද ඇතිවන ආකාරයෙන් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැති බව දන්වමින් දේශහිතෛෂී ජාතික වෘපාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙත්සමක් යොමු කොට ඇත. 
Add caption
2008 වර්ෂයේදී නිකුත් කල විසි වැදෑරුම් ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ බරපතල වෙනස්කම් සහිතව නැවත ඉදිරිපත් කොට ඇති .එම නව වැඩපිළිවෙල අනුව දිස්ත‍්‍රික් මට්ටමින් හින්දු, මුස්ලිම් සහ කතෝලික/කි‍්‍රස්තියානි වශයෙන් වෙන් වෙන්ව අන්‍ය ආගමික කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත

2600 ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල කුමන්ත‍්‍රණකාරී ලෙස වෙනස් කිරීම
ඔබතුමන් මෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාගේ පණිවිඩ සහිතව 2008 වර්ෂයේදී නිකුත් කල විසි වැදෑරුම් ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ බරපතල වෙනස්කම් සහිතව නැවත ඉදිරිපත් කොට ඇති බව මේ වන විටත් ඔබතුමන්ට වාර්තා වී ඇතියි අපි සිතමු. එම නව වැඩපිළිවෙල අනුව දිස්ත‍්‍රික් මට්ටමින් හින්දු, මුස්ලිම් සහ කතෝලික/කි‍්‍රස්තියානි වශයෙන් වෙන් වෙන්ව අන්‍ය ආගමික කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත. පෙර තිබූ ආකාරයට ශ‍්‍රී සම්බුද්ධ ජයන්තිය සඳහා බෞද්ධ කමිටු පිහිටුවන්නේ ප‍්‍රදේශීය මට්ටමින් පමණි.
දිස්ත‍්‍රික් ලේකම් තුමාගේ නායකත්වයෙන් පිහිටුවන මෙම අන්‍යාගමික බලසම්පන්න කමිටුවලට පළාත්සභා වල සියලූ උසස් නිළධාරීන් මෙන්ම ආගමික පදනමින් ජාතික සහ පළාත් මට්ටමේ මහජන නියෝජිතයන්ද සහභාගී වේ. ප‍්‍රාදේශීය ලේකම් මට්ටමින් පිහිටුවන කුඩා ප‍්‍රාදේශීය සම්බුද්ධ ජයන්ති කමිටුවට සහභාගී වන්නේ ගම් මට්ටමේ නිළධාරීන් පමණි. එම තත්වය තුල දිස්ත‍්‍රික් අන්‍යාගමික කමිටු සමාජ සම්බන්ධකම් වලින් මෙන්ම මූල්‍යමය සහ පරිපාලනමය වශයෙන්ද බොහෝ බලසම්පන්න ලෙස කටයුතු කරනු ඇත.
පළමුවෙන්ම සම්බුද්ධ ජයන්තිය සඳහා එවැනි අන්‍යාගමික කමිටු ඉතා පටු ආගමික භේද ඇතිවන ආකාරයෙන් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැත. සම්බුද්ධ ජයන්තියේ ආශ්වාදය සහ බෞද්ධ ජීවන පැවැත්මට අදාල සමාජ බලපෑම අන්‍යාගමික මහජනතාව අතරටද ගෙනයාම ඉතා හොඳ දෙයකි. ඒ පිළිබඳව අපට ගැටළුවක් නැත. ඒ සඳහා හොඳම ක‍්‍රමය සම්බුද්ධ ජයන්ති කමිටුවට අන්‍ය ආගමික ජනතාව සහභාගී කර ගැනීමයි.
ඔබතුමා මෙන්ම මේ රටේ අතිමහත් බහුතර ජනතාව ඉරා පොඩිකර පාගා කෙලගසා කුණු බක්කියට දැමූ බටහිර න්‍යාය පත‍්‍රය නැවත ගෙන ඒමට ඉඩ නොදිය යුතු බව අපගේ පිළිගැනීමයි. නමුත් දැන් සැලසුම් කොට ඇති දේ ක‍්‍රියාත්මක වුවහොත් එක් පැත්තකින් පටු ආගම්වාදී බේද සහ ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැක. අනෙක් පැත්තෙන් බි‍්‍රතාන්‍ය, අයර්ලන්තය වැනි රටවල පවා ප‍්‍රතික්‍ෂේප කොට ඇති බහු ආගමික, බහු සංස්කෘතික ‘‘එන්.ජී. ඕ. මෙහෙයුමට’’ ජාතිය නැවත වටයකින් ගොදුරු වනු ඇත.
අතිගරු ජනාධිපතිතුමනි,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඇතුල් කොට ඇත්තේ බෞද්ධ ආගමට විශේෂයෙන් සැලකීමට වඩා වසර 500කට අධික කාලයක් අසාධාරණයට ලක්වූ ජනකොටසකගේ ජීවන පැවැත්ම තහවුරු කිරීමට බව ලෝකයට පෙන්වා දීමට කාලය පැමිණ ඇතැයි අපි සිතමු. අන්‍ය ආගම් සියල්ල ලෝකයේ විශාල ජනතාවකගේ සමාජ සහ මූල්‍යමය බලය මත වර්ධනය වන නමුත් සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව වසර 500ක යටත් විජිත පාලනයෙන් පසුව නැඟී සිටීමට උත්සාහ කරන ජාතියකි. අභිනවයෙන් පත්වූ කතෝලික සභාවේ කාදිනල් තුමාට මෙම ඓතිහාසික ගැඹුරු සත්‍ය තේරුම් ගැනීමට නොහැකිවීම පිළිබඳව අපි කණගාටු වෙමු.
එම තත්වය තුල සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙල වෙනස්කිරීම තුල යම් කුමන්ත‍්‍රණකාරී හෝ රැුවටිලිකාර බලවේගයක් ක‍්‍රියාත්මක වනවාද යන සැකය අප තුල මතුවී ඇත. විශේෂයෙන්ම එවැනි සැකයක් ඇතිවීමට මහා සංඝ රත්නය විසින් පෞද්ගලිකවම අප වෙත ඉදිරිපත් කරන තොරතුරුද හේතු වී ඇත.
විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම් තුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලේකම්වරිය අන්‍යාගමිකයන් ලෙස කරන මැදිහත්වීම්ද විවේචනයට ලක් වී ඇත. ඔවුන් අන්‍යාගමිකයන් වීම නිසා එම තනතුරු දැරීමට නුසුදුසු යයි අපි කිසිසේත්ම අදහස් නොකරමු. නමුත් ප‍්‍රශ්ණයක් ඇතිවී ඇති බැවින් ඒ පිළිබඳව සොයාබැලීම සමස්ථ ජාතියේම පොදු යහපතට හේතුවන බව අපගේ පිළිගැනීමයි.
ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රටට හතුරු මහා ජාත්‍යාන්තර බලවේගයන් පරාජය කර නැවත ජාතික සමඟිය ගොඩනැඟීමට දරණ උත්සාහය කඩාකප්පල් කිරීමට කුමන්ත‍්‍රණය කරන පිරිස් පිළිබඳව සොයාබලා වැරැුද්ද නිවැරදි කරන ලෙසයි. (වෙනස් කරන ලද වාර්තාවේ අදාල පිටු මේ සමඟ අමුණා ඇත.*

ඔබතුමාට දීර්ඝායුෂ සහ ජය සතුට පතමි.
ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



Monday, February 7, 2011

බුදු සිරිත හා බුදුදහම විකෘති කිරීම!.....2011-01-12 දින දිවයින පුවත්පතේ ලිපිය......


බුදු සිරිත හා බුදුදහම විකෘති කිරීම!.......................
                                             




                  වෙලේගම්මැද්දේ ශ්‍රී විමලජෝති නාහිමි..
         ජීවිතය ජයගනිමු යන පොතින් නොවියත් හුදී ජනතාවගේත් අනාගත රට භාරව සිටින දරුවන්ගේ බුදුදහම පිළිබඳව ඉතාම සංවේග ජනක අදහස්‌ පළකරමින් කටයුතු කිරීම පිළිබඳව සියලු දෙනා වෙනුවෙන් තම අදහස්‌ පළකරන්නේ හිටපු විදුහල්පති හා පරිවෙණාධිපති වූත් කොළඹ නව කෝරළේ හා නව තොටමුණ ප්‍රධාන සංඝනායක වූත් කොළඹ 10, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ විහාරාධිපති වූත් ත්‍රිපිටකාචාර්ය දර්ශන විශාරද රාජකීය පණ්‌ඩිත ආචාර්ය වෙලේගම්මැද්දේ ශ්‍රී විමලජෝති නාහිමිපාණන්ය. බී. ඒ. ගෞරව - එම්. ඒ. එම්. පිල්. පී. එච්. ඩී. උපාධිධාරී නාහිමිනමකි.

ශ්‍රී ලංකාව තෙවරක්‌ම බුදුන් වහන්සේ වැඩම කළ රට පමණක්‌ නොව නිර්මල බුදුදහම සුරක්‍ෂිතව තිබෙන රට ලෙස ද ප්‍රසිද්ධය. එහෙත් ශ්‍රී ලංකාවේ ඒ උතුම් බුදු දහමට නිගා කරන විවිධ බලවේග අදටත් ක්‍රියාත්මක වේ. පසුගිය දිනක අහම්බයකින් මෙන් අපට එක්‌ පොතක්‌ කියෑවීමට ලැබුණි. පොත නම් කර තිබුණේ "ජීවිතය ජය ගනිමු" යනුවෙනි. බැලූ බැල්මට බෞද්ධ කරුණු අඩංගු ග්‍රන්ථයක්‌ සේ පෙණුනත් එය බෞද්ධ ධර්මයට නිර්දය හා අසත්‍ය විවේචන එල්ල කිරීමට ගත් වෑයමක්‌ සේ පෙනේ.

බුදුන් වහන්සේ තරම් පුද්ගල මනස විග්‍රහ කළ දාර්ශනිකයෙක්‌ නොවූ තරම්ය. සිත, කය, වචන යන තුන් දොර පාලනය යහපත් සමාජ පුරවැසියකුගේ මූලික ලක්‍ෂණ බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක. එහෙත් නූතන සමාජය තුළ මෙම බෞද්ධ සාරධර්ම පමණක්‌ නොව බෞද්ධ සංස්‌කෘතිය ද විකෘති කරන පොත් පළවීම පිළිබඳව රාජ්‍ය හෝ අදාළ බලධාරීහු අවධානය යොමුකරති යි කිව හැකිද?

බෞද්ධ සමාජයේ ගිහියන් සඳහා අනුමත පන්සිල් පිළිබඳව මෙම ජීවිතය ජය ගැනීමට උපදෙස්‌ දෙන ග්‍රන්ථයේ සාහසික විකෘතීන් දැක්‌වේ. විශේෂයෙන්ම ගණිකා වෘත්තිය කිසිම විටෙක බෞද්ධ ඉගැන්වීම් සමඟ එකඟ නැත. බෞද්ධ සාහිත්‍යයේ එන සිරිමා නමැති අබිසරුලිය පිළිබඳ පුවත එයට එක්‌ නිදසුනක්‌ පමණි. සිරිමා නමැති අබිසරු ලියගේ පහස පතා පැමිණි පිරිස බොහෝ වූහ. එහෙත් ඇය මියගිය පසු ඇගේ මළ සිරුර වෙන්දේසි කිරීමේ සිද්ධිය අපට පෙන්වා දෙන්නේ එබඳු කාන්තාවන් සොයා යැමේ විනාශයයි. එසේ නම් ගණිකා වෘත්තිය බෞද්ධ ඉගැන්වීම්වලට එකඟ වන්නේ කෙසේද?

බුදු සමය හා හින්දු සමය අතර තිබෙන බරපතළ වෙනස්‌කම් අපි දනිමු. ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ යන සංකල්ප පිළිබඳව වුවද බෞද්ධ ආකල්ප වෙනස්‌ය. "කාම" යන්න කිසි විටෙක බුදුන් වහන්සේ අනුමත කළ දෙයක්‌ ද නොවේ. කාමභෝගී ජීවිතය නොමැනවැයි ගිහියන්ට අවවාද කළත් එහි යහපත් සීමා එදාත් අනුමත විය. එහෙත් ගණිකා සේවනය කාම මිථ්‍යාචාරයකි. බුද්ධකාලීනව ගණිකාවෝ සිටියහ. ඇතැම් ගණිකාවෝ සසර කලකිරීමෙන් බුදුසසුනට ද එක්‌වූහ.

මෙම ජීවිතය ජය ගනිමු කෘතිය බොදු වෙස්‌ ගැන්වූ බොදු මගට එරෙහි කරුණු වලින්ම පිරී තිබේ. බෞද්ධ පිළිවෙතට අදාළ ආමිස පිළිවෙතට මෙහි දැඩි ප්‍රහාරයක්‌ එල්ල කරයි. බෞද්ධයා බෞද්ධ මාර්ගයෙන් ඈත් කිරීම එහි අරමුණ බව පෙනේ. බෝසත් සිරිත මෙහිදී උපහාසයට ලක්‌ වේ.

ජාතක කතා බුදුදහමට විරුද්ධ බව ද මෙහි දැක්‌වේ. පන්සිල් හා පිරිත් ඇසීම ද නිෂ්ඵල බව කියා තිබේ. එසේම බුදුසිරිතේ විවිධ අවස්‌ථා කල්පිත ඒවා ලෙස ද දැක්‌වේ. බුදු සිරිතේ එන දේවල් වැරදි බව ද එම පොතේ සඳහන් වේ. ජාතක කතා යනු සිංහල බෞද්ධයන් විසින් ඉතා ගෞරවයෙන් සිහිපත් කෙරුණු පරමාදර්ශී කතා සංග්‍රහයකි. බුදුන්ගේ පූර්ව ජන්ම තොරතුරු සමඟ බැඳුණු ඒ කතා බෞද්ධ සමාජය හැඩගැස්‌වීමට මහත් අනුබලයක්‌ විය.

මෙම පොත ඒ සියලු දේවල් ප්‍රතික්‍ෂෙප කරන්නේ දුෂ්ට ෙච්තනාවකිනි. ඒ බෞද්ධ මනස අවුල් කිරීමටය. බුදුන්ගේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ බුද්ධත්වයට පැමිණි ගතකළ සත් සතිය වැනි දේවල් ද මෙහි සැකයට භාජන කර තිබීම නිදසුන්ය. සිදුහත් කුමාර උපත අසිරිමත් සිදුවීමක්‌ බව බෞද්ධයෝ පිළිගනිති. ලෝකයේ ආශ්චර්ය දේවල් අතර බුදුවරයකුගේ පහළවීම උතුම් දෙයක්‌ බව බෞද්ධ අදහසය.

බෞද්ධ පදනම බිඳ දැමීමට මෙබඳු පොතකින් ඉඩ නැති බව නිසැකය. එහෙත් අලඡ්ජී ලෙස එබඳු මතවාද ඉදිරිපත් කිරීම අප විමසීමෙන් තේරුම් ගත යුතුය. බුදුන්වහන්සේ ජීවත් වූ දඹදිව සමාජය තුළ ද විවිධ දෘෂ්ටිවාද ඇදහිලි බහුලව තිබුණි. ෂඩ් ශාස්‌තෘවරු ජනතා අවධානය දිනාගත් පිරිසක්‌ ලෙස ප්‍රසිද්ධව සිටියහ. නිගණ්‌ඨනාථ පුත්‍ර වැනි අය එකල පාලකයන්ගේ අවධානයට පවා යොමුවී සිටි බව නොරහසකි. එහෙත් ඒ කිසිවකුට බුදුන් වහන්සේට හෝ බුදුදහමට අභියෝග කළ නොහැකි විය.

බුදුහු මානව නිදහස මෙන්ම චින්තන නිදහස ද ගරු කළහ. කාලාම සූත්‍රය එයට නිදසුන්ය. යමක්‌ විමසා බලා පිළිගන්න යනු එයින් උගන්වයි. බුද්ධිය සමඟ ගැලපෙන දර්ශනයක්‌ ලෙස අද බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරව ද ගෞරවයට පාත්‍ර වී තිබේ. එහි වූ විදුහුරු බවම එයට හේතු වේ. මානව සංහතිය පිළිබඳ පමණක්‌ නොව ලෝක ස්‌වභාවය ද අතැඹුලක්‌ සේ විග්‍රහ කළ දාර්ශනිකයා බුදුන් වහන්සේය. සරල, චාම් ජීවිතය මෙන්ම තෘෂ්ණාව දුරලීම අර්ථවත් ජීවිතයකට වුවමනා ශක්‌තිමත් පදනමක්‌ බව අද බටහිර සමාජය පවා පිළිගෙන තිබේ. බුදුන්ගේ දේශය ලෙස ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද ඔවුහු පිළිගනිති. එය කිසිදු ප්‍රචාරයකින් හෝ මෙහෙයුමකින් ලැබුණු දෙයක්‌ නොව බුදුන් වහන්සේ හා බෞද්ධ දර්ශනය පිළිබඳ ලැබුණු අවබෝධය නිසා සිදුවන දේවල්ය.

ශ්‍රී ලංකාවේ තිබෙන ථෙරවාදී බුqදුදහම වෙනස්‌ කර ගැනීමට වුවමනා පිරිස්‌ ද සිටිති. ජපානය වැනි රටවලින් ලැබෙන ප්‍රතිලාභවලට ගිජු වූ භික්‍ෂූන් වහන්සේලා ද සිටිති. එහෙත් මේ රටේ මුල්බැසගෙන තිබෙන ථෙරවාදී සම්ප්‍රදාය සුරැකීම අපගේ වගකීම හා යුතුකම බව ද කිව යුතුය. 2600 බුද්ධ ජයන්තිය අනුස්‌මරණය කිරීමටත් එමගින් බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති කිරීමටත් කටයුතු යෙදෙන මෙබඳු වකවානුවක අශාස්‌ත්‍රීය හා අසත්‍ය කරණු බුද්ධ භාෂිතය හෝ බුදුන් වහන්සේගේ දර්ශනය ලෙස හෝ පොත්පත් හෝ ලිපි ලේඛන මගින් ජනතාවට ලබාදීම ඉතා දුෂ්ට ව්‍යාපාරයකි. රජය මේ ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය.

මෙම මිථ්‍යා ප්‍රබන්ධයෙහි අපගේ මහාවංශ, දීපවංශ වැනි ග්‍රන්ථ ද අසත්‍ය බව දක්‌වා තිබේ. බෞද්ධ සදාචාර පදනම වනසා දමා සමාජය වල්මත් කිරීමට මෙම ග්‍රන්ථය හේතුවන බව ද කිව යුතුය. බුදුන් වහන්සේට නිගාදීම මෙන්ම බුදු සිරිත විකෘති කිරීමෙන් කෙනෙකුට ලැබෙන සතුට කුමක්‌ද? එහෙත් අධම මානසිකත්වයකින් පෙළෙන ඇතැම් අය අදත් ඒ දුෂ්ට ව්‍යාපාරවලට 
අනුබල, අනුග්‍රහ දක්‌වති.
 
.

"පන්සිල් බුද්ධ දේශනාවක්‌ නොවේ" 2011-02-07 දිවයින පුවත්පතේ ලිපිය..........

මෙම  ලිපිය  අන්තර්ජාලෙ මිතුරු මිතුරියන්ගෙ අදහස් දැන ගන්න සහ මේ ගැන සංවාදයක් ඇති කරන්න.... .මේ ගැන ඔබගේ අදහස් තියෙනව නම්  කමෙන්ට් එකක්  දාන්න............
  
                           2011-01-12 දින ඔබ පුවත්පතේ පුවතක පසුබිම යටතේ පළ වූ "බුදු සිරිත හා බුදු දහම විකෘති කිරීම" නම් ලිපියට එකී ලිපියට පාදක වූ කෘතියේ කතුවරයා වශයෙන් මාගේ දැඩි විරෝධය පළ කරමි, ශ්‍රී ලංකාවේ පවතින නිර්මල බුදු දහමට නිගා කෙරෙන නා නා ප්‍රකාර බලවේග අදටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව සැබෑය. නමුත් මෙම කෘතිය ඒ කොටසට ඇතුළත් කිරීම විවිධ පුද්ගලික සංකල්ප හා මතවාදවලින් ගහන වත්මන් බෞද්ධ ධර්මය හා බෞද්ධ සාහිත්‍යයට සැබෑ ඇල්මක්‌ දක්‌වන්නවුන්ට නොකළ හැක්‌කකි. ඒ මන්ද යත් අද වන විට අප ඉගෙන ගන්නා අසන දකින බුද්ධ ධර්මය අවුරුදු 2000 ත් ඉක්‌ම ගොස්‌ තිබෙන එදා මෙදා තුර නොයෙක්‌ පුද්ගලයන්ගේ පුද්ගලික මතවාද මතිමතාන්තර එක්‌ නොවන්නට ඇත්දැයි කාට වුවද පැහැදිලි සහතිකයක්‌ දිය නොහැකි නිසාවෙනි.

එම කෘතිය පන්සිල් පිළිබඳ සාහසික විකෘතීන් දක්‌වන බව විමලජෝති නාහිමියන් වහන්සේ විසින් පෙන්වා දෙයි. මෙම කෘතිය පංචශීලය බුද්ධ භාෂිතයක්‌ නොවේ යෑයි මනාවූ කරුණු සහිතව පෙන්වා දෙන්නේය. අමතරව යමක්‌ එක්‌ කළහොත් පන්සිල් යනු බුද්ධ කාලයට පෙර පටන් දඹදිව කුරු රටෙහි කුරු ධර්මය නමින් ප්‍රකට වූ ආගමික විනය නීති සමුදායකි. පසුකාලීනව කුරු රට වැසියන්ද බුද්ධ ශාසනයට ඇතුළත් වන්නට ඇත. ඉදින් ඔවුන් මාර්ගයෙන් පංචශීලය බුදු දහමට එක්‌ වන්නට ඇති බව අනුමාන කළ හැක.

බුද්ධාගම ගෝචර වන්නේ බුද්ධිමතුන්ට නොහොත් සැබෑ ලෙසම මනස උසස්‌ පුද්ගලයන්ටයි. ඒ වාගේම බුදු දහමේ තමා කරන ඕනෑම ක්‍රියාවක්‌ සුදුසු නුසුදුසු දැයි පරීක්‍ෂා කරන්නට සුදුසු මිනුම් දඬු තුනක්‌ පිළිබඳ දක්‌වා තිබේ. ඒවා නම් තමා කරන ක්‍රියාවෙන් තමන්ට යහපතක්‌ සිදු වේදැයි බැලීම. තමා කරන ක්‍රියාවෙන් ලෝකයාට යහපතක්‌ සිදු වේදැයි බැලීම හා තමා කරන ක්‍රියාව තමා අදහන දහමට අනුකූල වේදැයි බැලීම යන ඒවායි. ඉදින් මනස උසස්‌ මිනිසුන්ට තමා කරන ක්‍රියාව මිනුම් දඬු තුනෙන් මැන බලා කරන්නට බුදු දහම මඟ පෙන්වද්දී යළි දැඩි නීති දමා පුද්ගලයා හික්‌මවන්නේ කුමකටද?

ඉස්‌ලාම් ක්‍රිස්‌තියානි වැනි ආගම් වල මෙන් බුදු දහමෙහි කිසි විටෙක අනිවාර්යයෙන් පන්සල් යා යුතුය. අනිවාර්යයෙන් බුදුන් වැඳිය යුතුය. අනිවාර්යයෙන් භාවනා කළ යුතුය යනාදී නීති පනවා නොමැතිවා සේම එවන් නීති පැනවීමේ අවශ්‍යතාවක්‌ කුමටද? ඒ අනුව තාර්කිකව ගත්තද පන්සිල් බුද්ධ දේශනාවක්‌ නොවන බව මනාව ගම්‍ය වේ.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගණිකා වෘත්තිය කිසිම විටෙක බෞද්ධ ඉගැන්වීම් සමග එකඟ නැති බවය. උන්වහන්සේ එයට උදාහරන ලෙස පෙන්වා දෙන්නේ සිරිමා නමැති අබිසරු ලියගේ මළ සිරුර බුදුන්වහන්සේ වෙන්දේසි කරමින් පෙන්වා දී ඇත්තේ ගණිකා පහස ලබන්නවුන් විනාශ වන බවය. නමුත් එම මළ සිරුර වෙන්දේසි කිරීමෙන් බුදුන්a වහන්සේ අරමුණු කළේ විනාශය නොව නිස්‌සාරත්වයයි, කතා පුවතින් ගම්‍ය වන්නේ කෙතරම් රූපයෙන් අගතැන්පත් වුවත් කෙදිනක හෝ රූපය විනාශ වීමේ එහි අස්‌ථිර බවේ යථාර්ථය මිස අන් කවරක්‌ද?

බුදු දහමට අනුව විමුක්‌තිය ඇත්තේ ලිංගික කටයුතුවලින් පමණක්‌ ඈත් වීම පමණක්‌ නොව සියලු ඉඳුරන් පිනවීමෙන් ඈත් වීමෙන් බවය. බුදුන්වහන්සේ පෙන්වා දී ඇත්තේ නිතර නිතර නාට්‍ය බැලීමද පුද්ගලයාගේ පිරිහීමට කරුණක්‌ වන බවය. එබැවින් යමෙකු නිතර නිතර නාට්‍ය බැලීමෙන් පිරිහෙනවා පමණක්‌ නොව ගණිකාවන් ඇසුර ලැබීමද පිරිහීමට කරුණක්‌ වන නමුත් බුදුන් වහන්සේ නාට්‍ය බැලීම තහනම් නොකළා මෙන්ම ගණිකා ඇසුර ලැබීමද තහනම් නොකළහ. එපමණක්‌ නොව ගණිකා වෘත්තියේ යෙදීමද තහනම් නොකළහ. එබැවින් බුදුන්වහන්සේ අවි ආයුධ වෙළෙ¹ම, මස්‌ පිනිස සතුන් වෙළෙ¹ම, වහල් වෙළෙ¹ම, මත්පැන් හා විෂ ද්‍රව්‍ය වෙළ¹ම ලෙස නොකළ යුතු කර්මාන්ත 5 ක්‌ පමණක්‌ ඇති බව දේශනා කළහ.

බුදු දහමේ විශේෂිත කරුණක්‌ වන්නේ පුද්ගල චින්තනය නීති දමා වැටකඩොලු දමා පාලනය කිරීමට උත්සාහ ගැනීම නොව අවබෝධයෙන් හික්‌මීමට පෙළඹවීමයි. බුදුන් වහන්සේ කාමභෝගී ජීවිතයේ ආදීනව පෙන්වා දුන් සේක. ඒවා නුවණැති පුද්ගලයන් විසින් තේරුම් ගනී. ඒ අනුව කටයුතු කරයි. එනමුත් ඉන් පිට පනින්නට නොහැකි සේ වැටකඩොලු බැඳීමෙන් වන්නේ පරිහානියක්‌ පමණි.

විරූපි වීම, ආබාධිත වීම යනාදී නෙයෙකුත් හේතූන් නිසා විවාහ වීමට නොහැකි වන්නන් ලිංගික කටයුතුවලින් වැළකී සිටිය යුතු වන්නේද? තවද යමෙකුගේ බිරිඳ අනතුරක්‌ හෝ ලෙඩක්‌ හේතුවෙන් ලිංගික කටයුතුවල යෙදිය නොහැකි ලෙස සදාකාලිකව ආබාධිත වුවහොත් ඔහුට බිරිඳගේ ආබාධිතභාවය නිසා ලිංගික කටයුතුවල යෙදීමට නොහැකි වීම නිසා දික්‌කසාදයක්‌ ද ලබා ගැනීමට නීතිය ඉඩ නොදෙන බැවින් ඔහු ලිංගික කටයුතුවලින් වැළකී සිටිය යුතු වන්නේද?

අප රටේ පොදු වාහනවල ගමන් කරන කාන්තාවන්ගෙන් සියයට 43 කට ලිංගික අතවර සිදු වන්නේය. දිනකට ළමා ලිංගික අතවර සිද්ධීන් 3 ක්‌ වාර්තා වන්නේය. බාල වයස්‌කාර දැරියන් වසරකට 40,000 ක්‌ ගැබ් ගන්නේය. නමුත් පෙරදිග බෞද්ධ රටක්‌ වන තායිලන්තයේ කාන්තාවන් හට රාත්‍රි කාලයේදී පවා කිසිදු කරදරයක්‌ නොමැතිව තනිව ගමන් බිමන් යා හැකි පරිසරයක්‌ ඇත. එරට රාත්‍රි කාලයේ පදික වෙළ¹මේ වැඩිපුරම යෙදෙන්නේ කාන්තාවන් වන්නේය. එවැනි පරිසරයක්‌ උදා වී ඇත්තේ එරට ගණිකා වෘත්තිය තහනම් නොවන නිසා විය නොහැකිද?

මෙම පොත ආමිස පිළිවෙතට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇතැයි චෝදනා කර ඇතත් මවිසින් කර ඇත්තේ ආමිස පූජාවන්ට පහරදීම නොව බුදුන්වහන්සේ ආමිස පූජාවන් අනුමත කර ඇත්තේ කුමන අරමුණකින්ද යන්න පෙන්වා දීමය.

විමලජෝති නාහිමියන් වහන්සේ විසින් කරනු ලබන තවත් චෝදනාවක්‌ වන්නේ බුදු සිරිත මවිසින් විකෘති කර ඇති බවය. වරක්‌ බුදුන් වහන්සේ හමුවීමේ අභිලාශයෙන් ගමන් ගන්නා එක්‌තරා ආජීවකයෙක්‌ බුදුන්වහන්සේ සමග එකම අම්බලමක රැය ගත කරද්දී පවා උදෑසන වන තුරු බුදුන්වහන්සේ හඳුනාගත නොහැකි වූ වග බුදු සිරිතේ සඳහන් වන්නේය. එක්‌ තැනක එසේ විස්‌තර කරන අතර තවත් තැනක බුදුන්වහන්සේ සතුව දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ පැවති බව සඳහන් කරයි. මේ කතා එකිනෙකට පරස්‌පර නොවන්නේද?

බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු එක්‌ සතියක්‌ බුදුන් වහන්සේ පිටදුන් බෝ ගස දෙස ඇසිපිය නොහෙළා බලා සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එය සත්‍යයක්‌ නම් එම සතිය තුළ බුදුන්වහන්සේ කෑම බීම පමණක්‌ නොව වතුර පොදක්‌ හෝ බී නැත. එක විනාඩියක්‌ හෝ නිදාගෙනද නැත. ඒ වගේම බුදුන්වහන්සේ තමා සාමාන්‍ය මනුෂ්‍යයකු බව පුන පුනා බුදු සිරිතේ ප්‍රකාශ කොට තිබේ. එබැවින් ඒ පිළිබඳ පෙන්වා දීම බුදු සිරිත විකෘති කිරීමක්‌ වන්නේ කෙසේද?

නුවණැති පුද්ගලයන්ට මෙහිදී එක්‌ නිගමනයකට පැමිණිය හැකිය. එනම් වසර 2000 ක්‌ ඉක්‌මවා බුදු දහම අඛණ්‌ඩව පවත්වාගෙන ඒමේදී යම් යම් උපක්‍රම ඒ ආචාර්යවරුන් විසින් අනුගමනය කර ඇතැයි සිතිය හැක. උදාහරණ ලෙස බුදු දහම නූගත් අන්ධ භක්‌තික මිනිසුන් පිරිසක්‌ වෙසෙන පෙදෙසකට පළමු වරට හඳුන්වා දීමේදී මේ දහම දෙසා ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යයකු යෑයි කීම නූගත් පුද්ගලයා තුළ යම් අවිශ්වාසයක්‌ ඇති කිරීමට හේතු විය හැක. එබැවින් ඊට යම් ආශ්චර්යයක්‌ එක්‌ කිරීම ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට හේතු විය හැකි බැවින් එලෙස ආශ්චර්යයන් එක්‌කර ඇතැයි සිතිය හැක.

ජීවිතය ජය ගනිමු යන කෘතිය සැබවින්ම ජීවිතය ජය ගන්නා අයුරු පෙන්වාදෙන කෘතියකි. විශේෂයෙන්ම වත්මනෙහි බුද්ධ භාෂිතය යෑයි පිළිගන්නා දහමෙහි යම් යම් අඩුපාඩු පෙන්වා දෙන බුදු දහමට හිතෛෂී පොතක්‌ වශයෙන් මෙය හැඳින්විය හැක. මේ නිසාම මෙම කෘතිය 2007 වර්ෂයේදී මධ්‍යම පළාත් සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පාසල් පුස්‌තකාල පොතක්‌ ලෙස අනුමත කර ඇත.

එලෙසම සියලු බෞද්ධයන් පෙරට වඩා අවබෝධයෙන් නිමල බුදු දහම පෞද්ගලික මති මතාන්තර වලින් ගහන එසේම ඉදිරියේදී තවත් එවන් දෑ එක්‌වන තත්ත්වය හමුවේ බුදු දහම අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතුය. වත්මනෙහි නිතිපතා ජනමාධ්‍යයන්හි විකාශය වන හා පළවන "බණ" යෑයි දේශනා කරන දේ තුළ බොහෝ විට පවතින්නේ ධර්මය නොව දේශකයාණන් වහන්සේගේ පුද්ගලික මතිමතාන්තර හෝ විවේචනයන්ය. මේ අනුව බලන කල ද බෞද්ධයා පෙරට වඩා විමර්ශනශීලී විය යුතුය. නාහිමියන්ම කියන පරිදි කාලාම සූත්‍රය ඒ නිදහස බුදුන්වහන්සේ විසින් දේශනා කර ඇත. තුන්කල් දුටු ඒ අසමසම ශාස්‌තෘවරයාණන් වහන්සේ එවන් කාරණා බුද්ධ භාෂිතයට ඇතුළත් කළේ මෙවන් තත්ත්ව ඇති වන බව කල් ඇතිව දුටු නිසා විය යුතුය.

ව්‍යවහාරයේ පවතින පරිදි මේ වන විට ඇත්තේ කලියුගයයි. තවත් වසර 2500 කට අඩු කාලයකදී බුද්ධ ශාසනය ලොවින් වියෑකී යයි. අවසාන කාලයේදී භික්‍ෂූන් වහන්සේ අතුරුදන් වී අතේ කහ නූලක්‌ පමණක්‌ දරාගත් භික්‍ෂු කොට්‌ඨාසයක්‌ බිහිවන බවත් ඉන් පසු බුදු දහම අතුරුදන් වන බවත් බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඉන් පසු එළැඹෙන්නේ කල්ප විනාශයයි. එතෙක්‌ කල් හෝ නිමල බුදු දහම රැක ගත යුතු වේ. ඒ සඳහා තම තමන්ගේ නිදහස්‌ චින්තනය වර්ධනය කර ගත යුතුය. ඒ සඳහා මෙවන් කෘතීන්ගෙන් ලැබෙනුයේ මහඟු පිටුබලයක්‌ බව නොකිවමනාය.
එම්. එච්. අබේසිංහ