Sunday, December 12, 2010

සෝම හිමියන් අපවත් වී වසර හතයි ...

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත්වී අදට (දෙසැ. 12) වසර හතක් සපිරේ. වසර 1948 අපේ‍්‍රල් 24 වැනිදා උන්වහන්සේ නුගේගොඩ, ගංගොඩවිල ප‍්‍රදේශයේදී මෙලොව එළිය දුටුවේය. 

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ සහ අතිපූජ්‍ය අම්පිටියේ රාහුල මහනාහිමිවරුන් යටතේ උන්වහන්සේ 1974 දී පැවිදි දිවියට ඇතුලත් වූහ.

ධර්මයට අනුව තරුණ පරම්පරාව හැඩගැස්වීම වෙනුවෙන් කැපව කි‍්‍රයාකළ සෝම හිමියෝ ඒ වෙනුවෙන් ‘තරුණ සවිය’ නමින් සංවිධානයක් ද පිහිටවූහ.

ඉතා ගෞරවාදරයට පත්වූ ධර්ම දේශකයෙකු වූ උන්වහන්සේ භාවනා වැඞීම ප‍්‍රචලිත කිරීමට ද ඉමහත්ව කටයුතු කළහ.

විදෙස්හි ධර්ම ප‍්‍රචාරය වෙනුවෙන් ද - විශේෂයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ බෞද්ධ ධර්මය පැතිරවීම සඳහා - සෝම හිමියන්ගෙන් අගනා සේවයක් ඉටුවිය.

වසර 2003 දෙසැම්බර් 12 වැනිදා උන්වහන්සේ අපවත් වූයේ රුසියානු රජය විසින් පිරිනමන ගෞරව උපාධියක් ලබාගැනීම සඳහා සාන්ත පීටර්ස්බර්ග් නගරයට ගොස් සිටියදීය.

හෘදයාබාධයකට ලක්වූ සෝම හිමියන් හදිසි සැත්කම් දෙකකට භාජනය වුවද උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීමට වෛiවරුන් අසමත් විය.

උන්වහන්සේගේ අපවත් වීම ඉමහත් ආන්දෝලනයකට ද තුඩුදුන්නේ

No comments:

Post a Comment